• C & K
    හෙද සේවා වැඩිහිටි හා රෝගී සුරැකුම් මධ්‍යස්ථානය
    අපි නිබඳව අපගේ වැඩිහිටියන් හා ගිලන් වූවන්ගේ කායික හා මානසික සුවපත් භාවය උදෙසා කැපවන්නෙමු.
  • දීර්ඝකාලීන නේවාසික සත්කාර
    අංගසම්පූර්ණ සුවපහසු තනි කාමර හා ද්විත්ව කාමර
    සේවාලාභියාගේ අවශ්‍යතාවයට මුල්තැන දෙමින් අංගසම්පූර්ණ සුවපහසු තනි කාමර ද්විත්ව කාමර සුවපහසු රෝගී ඇඳන් එක් එක් සේවාලාභියාගේ සෞඛ්‍ය තත්ත්වය මත සැකසූ සෞඛ්‍යාරක්ෂිත ආහාරපාන සනීපාරක්ෂක පහසුකම්
    ශාරීරික හා මානසික සුව පැවැත්ම උදෙසා ක්‍රියාකාරකම් ගෘහස්ථ හා එළිමහන් ක්‍රියාකාරකම්
    අධ්‍යාත්මික සුවපත් බව හා විනෝදාස්වාදය උදෙසා සිදුකරන උත්සව හා ක්‍රියාකාරකම්
  • ගිලන්‍ රථ සේවා
    නිවෙස් තුළදී හදිසියේ අසනීප තත්ත්වයට පත්වන රෝගීන් රෝහල වෙත රැගෙන යාම...
    නිවෙස් තුළදී හදිසියේ අසනීප තත්ත්වයට පත්වන රෝගීන් රෝහල වෙත රැගෙන යාමටත්, රෝහලක සිට තවත් රෝහලක් දක්වා රෝගියෙක් ගෙන යාමටත් අවශ්‍ය වන ප්‍රවාහන සේවා සැපයීම මේ යටතේ සිදුකරනු ලබයි.
    රෝහල වෙත රැගෙන යන අතරතුර රෝගියා හට අවශ්‍ය වන සියලුම ප්‍රථමාධාර සේවා සැපයීමට හැකි පරිදි කාර්‍යක්ෂම සේවාවක් සැපයීම මෙම ගිලන් රථ සේවාව මඟින් අප සිදු කරන්නෙමු.

දැක්ම සහ මෙහෙවර

දැක්ම
ලංකාවේ විශිෂ්ටතම සෞඛ්‍ය රැකවරණ සැපයුම්කරු වීම
මෙහෙවර
ශ්‍රී ලාංකේය හා ජාත්‍යන්තර ප්‍රමීතීන්ට අනුකූලව මානසික සුවතාවය හා කායික සුවතාවය රැකගනිමින් එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතාවය තේරුම් ගෙන පුද්ගල ස්වාධීනත්වය හා පෞද්ගලිකත්වය රැකගනිමින් නූතන තාක්ෂණය භාවිතය සමඟ පළපුරුදු කාර්‍ය මණ්ඩලයක එකතුවෙන් අවශ්‍ය අවස්ථාවන්හිදී පළපුරුදු වෛද්‍ය හා ප්‍රමිතිගත රජයේ සහ පෞද්ගලික රෝහල් සේවය සමඟ සම්බන්ධ වෙමින්, විශ්වාසදායී, ප්‍රියමනාපශීලි, පිරිසිදු පරිසරයක, සෞඛ්‍ය රැකවරණ සේවය සැපයීම අපගේ මෙහෙවර වේ.

වැඩිදුර කියවන්න

දෛනික කාලසටහන

  • උදෑසන ආහාරය
    08.00 - 09.00
  • ව්‍යායාම කිරීම
    09.30 - 10.30
  • පුස්තකාලය
    10.30 - 12.30
විස්තර බලන්න

අපි ගැන

C & K යනු විශ්‍රාමික වියෙහි ජ්‍යේෂ්ඨ පුරවැසියන් මෙන්ම ඕනෑම වයස් පරතරයක නැත්නම් රෝගී තත්ත්වයක පසුවන පුද්ගලයන් සඳහා සුවදායි පරිසරයක ගොඩනඟන ලද මිත්‍රශීලී හා විශ්වාසනීය සෞඛ්‍ය රැකවරණ සේවා සපයන ආයතනයකි.

077 376 87 67

වැඩිදුර කියවන්න

ආයුබෝවන් C & K හෙද සේවා හා වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයට ඔබව සාදරයෙන් පිළිගනිමු.

වසර 6කට අධික කාලයක් පුරාවට C & K හෙද සේවා හා වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානය අප පවත්වාගෙන යනු ලබන්නේ අපගේ සේවාලාභින්ගේ මානසික හා කායික සුවපත් භාවය පිළිබඳ ඉතා ඉහළ අවධානයක් යොමු කරමිනි.

ඒ වෙනුවෙන්ම තෝරාගත් ගැමි නිස්කලංක පරිසරයක අංගසම්පූර්ණ පහසුකම් සහිතව ගොඩනඟන ලද C & K හෙද සේවා හා වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානය විශ්‍රාමික වියෙහි පසුවන ජ්‍යේෂ්ඨ පුරවැසියන් හෝ ඕනෑම වයස් පරතරයක හෝ රෝගී තත්ත්වයක පසුවන පුද්ගලයන් සඳහා සෞඛ්‍ය සේවා සපයමින් ශ්‍රී ලංකාවේ විශ්වාසනීය සහ සුහදශීලි සෞඛ්‍ය සත්කාරක සුරැකුම් මධ්‍යස්ථානය ලෙස සේවාලාභින්ගේ හදවත දිනා ගැනීමට සමත් වී තිබේ.

  • දීර්ඝකාලීන සත්කාර

  • කෙටිකාලීන නේවාසික සත්කාර

  • විශ්‍රාමික ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා නේවාසික පහසුකම්

  • දිවා සුරැකුම් සේවා

  • එක්තැන් වූවන් හට ගිලන් සත්කාර

  • උපදේශන සේවා

  • විවිධ රෝගී තත්ත්වයන් සඳහා වූ සුවිශේෂී ප්‍රතිකාර හා සාත්තු සේවා

    ඩිමින්සියා , පාර්කින්සන් ,පිළිකා ,විවිධ මානසික රෝග , අංශභාග රෝගීන් , විවිධ සැත්කම් කරනු ලැබූ රෝගින් හා අස්ථි බිදීමට ලක්වූ රෝගීන් ඇතුළු ඕනෑම රෝගි තත්ත්වයක් සඳහා වෙන් වූ විශේෂ සෞඛ්‍ය සත්කාරක සේවා අප ආයතනය මඟින් සපයනු ලබයි.

    විවිධ තත්වයන් යටතේ රෝගීවන පුද්ගලයන් හට දිනපතා හෝ ඇතැම් කාල සීමවන්වලදී අවශ්‍ය වන මූලික ප්‍රතිකාර හා ඖෂධ ලබාදීම, හෙද සත්කාර, සාත්තු සේවා සැපයීම මෙමඟින් අප සිදුකරනු ලබයි.

    රාජකාරි කටයුතු සමඟ පවුලේ සාමාජිකයන් කාර්‍යබහුල වන ඕනෑම අවස්ථාවක අප ආයතනයෙන් විශ්වාසනීය ලෙස ලබා ගත හැකි සේවාවක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.

    රෝගීන් හට අවශ්‍ය ඕනෑම මොහොතක ඔක්සිජන් ,නෙබියුලයිසර් ,හා අනෙකුත් සියලු රැධිර පරීක්ෂණ හා සේවාවන් නිසියාකාරව වෘත්තීය පුහුණුව ලත් කාර්‍ය මණ්ඩලයක් හරහා අප මෙහිදී ඔබට ලබා දෙනු ලබයි.

නේවාසික, සෞඛ්‍ය, පුද්ගලික සහ වෛද්‍ය සේවා

අපගේ වෘත්තීමය සාත්තු සේවා සත්කාර සපයන්නන් ඔබේ ආදරණීයයා රැකබලාගන්නේ කෙසේදැයි සොයා බලන්න.

වැඩිදුර කියවන්න

ස්වාධීන, නිස්කලංක හා ආගමික ජීවන රටාව

අපගේ ප්‍රධාන ඉලක්කය වන්නේ අපගේ වැඩිහිටියන් සඳහා ඉතා ප්‍රීතිමත්, සන්සුන් සහ චමත්කාර ජීවන පරිසරයක් සහතික කිරීමයි.

වැඩිදුර කියවන්න
දීර්ඝකාලීන නේවාසික සත්කාර

සේවාලාභියාගේ අවශ්‍යතාවයට මුල්තැන දෙමින් අංගසම්පූර්ණ සුවපහසු තනි කාමර ද්විත්ව කාමර, සුවපහසු රෝගී ඇඳන්, එක් එක් සේවාලාභියාගේ සෞඛ්‍ය තත්ත්වය මත සැකසූ , සෞඛ්‍යාරක්ෂිත ආහාරපාන, සනීපාරක්ෂක පහසුකම්, ශාරීරික හා මානසික සුව පැවැත්ම උදෙසා ක්‍රියාකාරකම්, ගෘහස්ථ හා එළිමහන් ක්‍රියාකාරකම්, අධ්‍යාත්මික සුවපත් බව හා විනෝදාස්වාදය , උදෙසා සිදුකරන උත්සව හා ක්‍රියාකාරකම්

කෙටිකාලීන නේවාසික සත්කාර

වයෝවෘද්ධ දෙමාපියන් මෙන්ම පවුලේ සාමාජිකයන් හට හදිසියේ ඇතිවන යම් යම් අපහසුතා හා රෝගී තත්ත්වයන් තුළදී එම රෝගී තත්වයෙන් මිදීමට කෙටිකාලීනව අවශ්‍යවන වෛද්‍ය සේවාවන් හා එවැනි අවස්ථාවක ඔවුන්ට අවශ්‍ය විවේක සුවයත් ලබා දීමේ අරමුණින් මෙම සේවාව සපයනු ලබයි. පවුලේ සාමාජිකයන් හදිසියේ විදේශගත වීමකදී හෝ වෙනත් පෞද්ගලික කාරණාවන්වලදී වයෝවෘද්ධ දෙමාපියන් හෝ ගිලන්වූවන් හට අවශ්‍ය සියලුම සේවාවන් කෙටිකාලීනව සැපයීම මෙමඟින් සිදුකරනු ලබයි.

විශ්‍රාමික ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා නේවාසික පහසුකම්

දරුවන් හෝ භාරකරුවන් රැකියාවත් සමඟ කාර්‍ය බහුල වීම, විදේශගත වීම වැනි අවස්ථාවලදී විශ්‍රාමික දෙමාපියන්, රෝගී ඥාතීන් නිවෙස් තුළ හුදකලා කර තබා යාම අසීරූ තත්ත්වයකි. එවැනි අවස්ථාවන්වල දී ඔවුන්ගේ ව්‍යාකූල වන මානසික තත්ත්වයට මෙන්ම කායික වශයෙන් ඇතිවන රෝගාබාධ සඳහා අවශ්‍ය සෞඛ්‍ය සත්කාර සේවාවන් දිගු කාලීනව සැපයීම මෙමඟින් සිදුකරනු ලබයි

දිවා සුරැකුම් සේවා

රට තුළ උද්ගත වන අසීරු ආර්ථික තත්ත්වයන් හමුවේ පවුලේ සියලු සාමාජිකයන් රැකියා කටයුතු සමඟ කාර්‍යබහුල වීම සමඟ තම දෙමාපියන් හෝ ගිලන් වූ සහෝදර සහෝදරියන් හට අවැසි වන රැකවරණය, සෞඛ්‍ය පහසුකම් දෛනිකව සැපයීම මෙහිදී සිදු වෙයි. උදෑසන නිවසෙන් පිටවන මොහොතේ අප ආයතනය වෙත භාර දෙන සේවාලාභියා ඔබ නැවත පැමිණ රැගෙන පිටව යන මොහොත දක්වා ඔවුන්ට අවශ්‍ය වන ඖෂධ, ආහාරපාන මෙන්ම විනෝදාත්මක ක්‍රියාකාරකම් සමඟින් දවස පුරා මිත්‍රශීලී කාරුණික සේවාවක් ලබා දීම මෙමඟින් සිදුකරනු ලබයි

එක්තැන් වූවන් හට ගිලන් සත්කාර

විවිධ වයස් සීමාවන් තුළ දී රෝගාබාධයන්ට ලක්ව එක්තැන් වීම හෝ වයෝවෘද්ධ බව හේතුවෙන් එක්තැන් වූ ගිලනුන් හට විශේෂ සත්කාර සේවා සැපයීම මෙහිදී සිදුකරනු ලබයි. එවැනි රෝගී තත්ත්වයන් සඳහාම විශේෂ පුහුණුවක් අධ්‍යාපනයක් සහිත හෙද හෙදියන්, සාත්තු සේවක සේවිකාවන් සමඟ වෛද්‍යවරුන්ගේ සහය හා නිරීක්ෂණය නිරතුරුව ලබා දෙමින් සෙනෙහෙබර හා කාරුණික සේවාවක් සැපයීමට අප කටයුතු කරන්නෙමු.

අප අනෙක් ආයතනවලට වඩා සුවිශේෂී වන්නේ ඇයි?

විශ්වාසනීය හා මිත්‍රශීලී සේවය

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හා රෝගී වූවන් සඳහා අවශ්‍ය කායික මානසික රැකවරණය ලබා දෙමින් ඔවුන්ගේ පුද්ගලිකත්වය උපරිමයෙන් ආරක්ෂා කරමින් අවශ්‍ය සේවා සැපයීම

පළපුරුදු හා සුදුසුකම්ලත් කාර්‍ය මණ්ඩලයක සේවය

එම්.බී.බී.එස් සුදුසුකම් ලත් වෛද්‍ය කාර්‍ය මණ්ඩලය, වෘත්තීය පළපුරුද්ද හා නිපුණත්වය සහිත හෙද කාර්‍ය මණ්ඩලය, වසර ගණනක අත්දැකීම් සහිත මිත්‍රශීලී හා කාරුණික සාත්තු සේවක සේවිකාවන්, වෘත්තීය පළපුරුද්ද සහිත විශේෂ රැකවරණ කණ්ඩායම්, රෝගීන් වෙනුවෙන් කැපවූ සුහදශීලි සෙසු කාර්‍ය මණ්ඩලය, මානසික ව්‍යාධි සහිත රෝගීන් සඳහා විශේෂ පුහුණුව ලත් කාර්‍ය මණ්ඩලය

පැය 24 පුරා වෛද්‍ය හා හෙද සේවා

පැය 24 විශේෂඥ වෛද්‍ය සේවා, දිනපතා වෛද්‍ය පරීක්ෂණ (රුධිර පීඩන, ඔක්සිජන්,ශරීර උෂ්ණත්වය ආදී..), සේවා ලාභියාගෙන් සේවා ලාභියාට වෙන්වූ සුවිශේෂී ආහාර පාන.

අපගේ අනෙකුත් සේවාවන් සහ පහසුකම්